බුද්ධ ධර්මය ප්රචාරය කරන මුවාවෙන් කැනඩාවට ගොස් කාන්තාවන්ට ලිංගික හිරිහැර කර ඇති බවට වලස්මුල්ලේ අභය බමුණාට චෝදනා නැගී තිබෙනවා. කැනඩාවේම වාසය කරන පිරිසකගේ අනුග්රහයෙන් 2017, 2018 සහ 2019 යන වසරවල ධර්ම සාකච්ඡා පැවැත්වීම පිණිස යැයි එහි ගිය වලස්මුල්ලේ අභය බමුණා කාමර තුළ තනි තනිව පෞද්ගලිකව උපදෙස් ලබා දීමේ සැසි සඳහා යැයි හඟවමින් කාන්තාවන්ව ද සහභාගී කරවාගෙන තිබෙනවා. 2018 වසරේදී එබඳු සැසිවල මුවාවෙන් වැසූ කාමර තුළ දී ඒවාට පිවිසි සැක නොකළ සහ අනාරක්ෂිත තරුණ යුවැතියන්ට සහ කාන්තාවන්ට වලස්මුල්ලේ අභය බමුණා ලිංගික හිරිහැර කර ඇති බවයි වාර්තා වන්නේ.