මුදල් භාවිතය නිසා පිරිහුණු භික්ෂුවක්

By admin, 8 ජුනි, 2021
දිනය
චෝදක
කමල් වික්‍රමනායක
චූදිත
ගඟසිරිපුර ධම්මාලෝක හිමි

කුසගින්න නිවාගන්න තියෙන වරකා කෑල්ලත් පූජා කරන පිංවත් මිනිස්සු.
please share this video
Sandagiri Maha Seya Hanthana
වීඩියෝව බලන්න. කොච්චර නම් අසරණ මිනිස්සු මේ වෙලාවේ රටේ ලෝකයේ ඉන්නවාද.... අපි උදව් වෙමු.
මම හන්තාන සඳගිරි සෑයේ දායක පිංවතුන්ට පරිත්‍යාග කරන්න සහල් ගේන්න නුවර ගියා. මේ සංචරණ සීමා සමයේ දවසට රු හාර පන්සීයක් හොයාගෙන ගෙද මිනිසුන්ගේ කුසගින්න නිව්ව මිනිසුන්න අන්ත අසරණව සිටිනවා. ඒකට හොඳම උදාරහරණය තමයි මේ. මම නුවර ඉඳන් සහල් රැගෙන එන විට මඟ 3 කණුව අසළ තිබෙන පිහිල්ල ගාව වියපත් සීයා කෙනෙකු මොනවාදෝ කලක වාඩි වී කනවා දැක්කා. අපි මීටර් 200 විතර ඔහුව පසුකර ආවත් මට හිතුනා මේ දිනවල ප්‍රශ්න නිසා ආහාරයට ගෙදර යමක් නැති නිසා කුසගිනි නිවන්න හමුවෙච්ච මොනවාහරි කනවා ඇති කියලා. අපි නැවත ලොරිය රිවස් කර එතැනට ගියා. ඇත්තටම සීයා ගෙදර ආහාරයට යමක් සොයන්න හන්තාන වත්තේ ඇවිදලා. ඉදුණු වරකා ගෙඩියක් ලැබිලා. ඔහු මාව දුටු සැනින් කථා කරන්නටත් පළුමව බෑගයට අතදමා නිවැසියන්ගේ කුසගිනි නිවන්න තිබුණ වරකා ටිකෙන් කැබැල්ලක් මාහ මෙසේ දුන්නා. ඉතිං වීඩියෝ එක බලද්දි ඔබට දැනෙන්න ඇති අසරන මිනිසුන්ගේ තත්ත්වය. මම අතේ තිබුණ පුංචි රුපියල් 1000 ක් ඔහුට දුන්නා. හැබැයි ඔහු දුන්න වරකා කෑල්ලෙන් 1000 න් 1 ක් වත් රුපියල් 1000 වටින්නේ නැහැ කියලයි මම හිතන්නේ. වරකා කෑල්ල ඔහුට තිබ්බ එකම ආහාරයයි. අපි පුංචිවට හරි අප අවට සිටින කෙනාගේ කුසගිනි නිවන්න පුළුවන් විදිහට උදව් වෙමු. සහල් බෙදන්නට යන මඟදි කළ මේ පුංචි පිකමත් ඔබටමයි අයිති. මොකද සඳගිරි සෑයේ මුදල් මාගේ මුදල් නොව ඔබ දුක් විඳ උපයා මාහට සෑය හදන්න ලබාදුන් මුදල්. ඉතින් මේ පුංචි පිංකමේ අනුහසින් සසර පුරා පිංවත් ඔබ කිසිවකුට ආහාර පානයෙන් කිසිවිටක අඩුවක් නොවේවා. තෙරුවන් සරණයි...!!!
ගඟසිරිපුර ධම්මාලෝක හිමි.
සඳගිරි සෑය
හන්තාන.

සබැඳි:

  1. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය
  2. රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම
  3. පිටිදූවේ සිරිධම්ම හිමි "හොඳ brain capacity එකක් තියේ නං මනුස්සයෙකුට, ඒ මනුස්සයාට සල්ලි හොයන එක ප්‍රශ්නයක් නෙමෙයි" යැයි පැවසීම
  4. තිත්තගල්ලේ ආනන්දසිරි මෙහෙණන් මුදල් සිඟමනේ යොදවනවාද?
  5. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉටුකම COVID - 19 අරමුදලට කෙළ ගසමු
  6. බමුණු නිල නිවේදනයක්!
  7. මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය
  8. ලබුනෝරුවකන්ද නරිවාද ශාසන සමීක්ෂා 2019-01-05
  9. ජාතික චීවර පජාත සේවක සංගමය වෙනුවෙන් නරිපණ්ඩිත කොත්මලේ කුමාරකස්සප හිමි!