වලස්මුල්ලේ අභය බමුණා කැනඩාවේදී කාන්තාවන්ට ලිංගික හිරිහැර කර ඇති බවට චෝදනාවක්

By admin, 3 මැයි, 2021
දිනය
චෝදක
කැනඩාවේ වාසය කරන පිරිසක්
චූදිත
වලස්මුල්ලේ අභය බමුණා

බුද්ධ ධර්මය ප්‍රචාරය කරන මුවාවෙන් කැනඩාවට ගොස් කාන්තාවන්ට ලිංගික හිරිහැර කර ඇති බවට වලස්මුල්ලේ අභය බමුණාට චෝදනා නැගී තිබෙනවා. කැනඩාවේම වාසය කරන පිරිසකගේ අනුග්‍රහයෙන් 2017, 2018 සහ 2019 යන වසරවල ධර්ම සාකච්ඡා පැවැත්වීම පිණිස යැයි එහි ගිය වලස්මුල්ලේ අභය බමුණා කාමර තුළ තනි තනිව පෞද්ගලිකව උපදෙස් ලබා දීමේ සැසි සඳහා යැයි හඟවමින් කාන්තාවන්ව ද සහභාගී කරවාගෙන තිබෙනවා. 2018 වසරේදී එබඳු සැසිවල මුවාවෙන් වැසූ කාමර තුළ දී ඒවාට පිවිසි සැක නොකළ සහ අනාරක්ෂිත තරුණ යුවැතියන්ට සහ කාන්තාවන්ට වලස්මුල්ලේ අභය බමුණා ලිංගික හිරිහැර කර ඇති බවයි වාර්තා වන්නේ. අනෙකුත් වසරවලදී ද එබඳු ක්‍රියා සිදු වී ඇති දැයි යන්න සැක බවයි පැවසෙන්නේ.

2018 වසරේ සිදුව ඇතැයි කියැවෙන ලිංගික හිරිහැර කිරීම් පිළිබඳව වලස්මුල්ලේ අභය බමුණාට විරුද්ධව කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ සරේ නගරයේ පොලිසියට 2019 වසරේදී පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. එසේ පැමිණිලි කර ඇත්තේ 2019 වසරේදී වලස්මුල්ලේ අභය බමුණා පෙර වසරේ හිරිහැරවලට පත් කාන්තාවන් සමඟ වට්ස්ඇප් හරහා සම්බන්ධ වීමට උත්සාහ කර ඇති බැවින් බවයි කියැවෙන්නේ.

මෙම කරුණ පිළිබඳව ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ද 2020-05-25 දිනැති ලිපියකින් දැනුවත් කෙරී තිබෙනවා.

සබැඳිය: