චීවරධාරීන්ගේ ආගමික මධ්‍යස්ථානයට එරෙහිව අහංගම විරෝධතා

By admin, 5 සැප්තැම්බර්, 2020
දිනය
චෝදක
අහංගම ගම්වාසීන්; දකුණු පලාත් මහානායක හිමිවරුන්, දේවදත්ත පරපුර; වෙනත් සංඝයා වහන්සේලා
චූදිත
කුණු ධර්ම දේශක තිත්තගල්ලේ ආනන්දසිරි ඇතුළු පිරිස, පිටිදූවේ පකිස් බූරු පාර්ශවය

උපුටා ගැනීම:

අහංගම "මෙත් බෝ " සෙවන නමින් චීවරධාරීන් පිරිසක් විසින් පවත්වා ගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයට එරෙහිව අද (05) අහංගම නගරයට එක්වු ගම්වාසීහු දකුණු පළාත් මහනායක හිම්වරුන් ඇතුළු සංඝයා වහන්සේලා කලුකොඩ් ඔසවා විරෝධතාවක් පැවැත්වුහ.

වෙළඳසැල් හිමියෝද වෙළෙඳසැල් වසා දමා මෙම විරෝධතාවයට සහාය දැක්වුහ.

අහංගම මෙත් බෝ සෙවන නමින් පවත්වා ගෙන යන මෙම අසපුවට ගම්වාසීන්ට පවා පැමිණිම තහනම් වේ. එහෙත් බණ ඇසීමට යන තරුණියන් මහණ කරවාගෙන භික්ෂූන් වහන්සේලා සිටින කුටි අසලම නවත්වාගෙන ඉන්නා බවට එම තරුණියන් ගේ පවුල්වල සාමාජිකයෝ අහංගම පොලිසිය හා ගාල්ල ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණලි කර ඇත.

අහංගම ගම්වාසීන් වසර 60 ක් පමණ භාවිත කළ ප්‍රධාන මාර්ගය මෙත්බෝ සෙවනේ ඇබිත්තයන් දෙදෙනකු විසින් ට්‍රැක්ටරයක් හරස් කර පසුගිය සතියේ වසා දමා ඇතැයිද ගැමියෝ කියති.

ඊට ගම්වාසීන් විරෝධය දක්වද්දී මෙත් බෝ සෙවන හිමිවරු යකඩ පොලුද රැගෙන මැරවරයින් සමග පැමිණි නමුත් අහංගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිසක් ගැටුමක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කර තිබේ. එහෙත් ට්‍රැක්ටර් රථය යොදා මගහරස් කළ ඇබිත්තයන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබිණ.

ගම්වාසීන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන්නට ඉදිරිපත් වී ඇත්තේ අහංගම පොලිස් ස්ථානාධිපති මංජුල ද මහතාය. එහෙත් පසුව එම විරෝධතාවය අහංගම නගරයට ගෙනයාමට ගම්වාසීන් හා අවට විහාරස්ථාන වල විහාරාධිපති වරුන් එක්ව සිටියහ.

-- උපුටා ගැනීම: www.lankadeepa.lk වෙබ් අඩවියේ "2020 සැප්තැම්බර් මස 05" දිනැතිව පළව ඇති "චීවරධාරීන්ගේ ආගමික මධ්‍යස්ථානයට එරෙහිව අහංගම විරෝධතා" යන ලිපියෙනි.

සබැඳි:

  1. කුණු ධර්ම දේශක තිත්තගල්ලේ ආනන්දසිරි
  2. කුණු ධර්ම දේශක තිත්තගල්ලේ ආනන්දසිරිගේ දේශනා එකතුවක්
  3. කුණු ධර්ම දේශනා
  4. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේවදත්ත පරපුරේ උපදේශක මණ්ඩලයක් පත්කර ගනියි
  5. පිටිදූවේ පකිස් බූරුවා